අද දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ මහතා වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, ඒ සඳහා පොලිස් නිලධාරීන් සුදානමින් සිටින බවයි .
එමෙන්ම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් අදාළ විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ එයට එරෙහිව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311