ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක් බවයි වාර්තාවන්නේ .
සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගැනීමට සමත්ව ඇති බව සදහන් .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311