පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අද කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරදන්කේලි සහ ජයපුරම් පොලිස් ස්ථාන මගින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
පසුගිය 2 වන දා යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.
එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311