කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙක් ඉන් මුදාගෙන යාමට පැමිණි බව පැවසෙන හිමිවරුන් දෙනමක් ඇතුළු තිදෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්වුණේ හෙට්ටිපොළ රිට්ටාදෙනිය දහම් නිකේතනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා දෙනමක් සහ පළායාමට භාවිතා කළ මෝටර් රථයේ රියදුරු බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා දෙනම වයස අවුරුදු 38 සහ 41 හැවිරිදි වියේ පසුවන අතර, රියදුරු 27 හැවිදිරි වියේ පසුවනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් භාරයේ තිබී ජංගම දුරකතන 04ක් සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311