මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ දහඅට වංගුවේ ගල් පෙරළීමේ අවදානමක් සහිත ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පිරිසක් අද එම ස්ථානයට ගොස් තිබෙනවා.
18 වංගුවේ දෙවන වංගුවට ඊයේ පස්වරුවේ ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර, නායගොස් ඇති කොටසේ ඉහලින් පිහිටා ඇති ඉතා විශාල ගලක් පහළට වැටීමේ අවදානමක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
මේ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.
මේ අතර ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය මහ ඉලුප්පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර 116.6 ක්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311