දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 301ක් රැස් කළා.
එහිදී දකුණු අප්‍රිකා නායිකාව පන්දු 147දී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී කවීෂා දිල්හාරී ලකුණු 47ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් තරඟය ජවග්‍රහණය කළා.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමමේ නායිකා චමරි අතපත්තු පන්දු 139දී නොදැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.
මෙම තරඟය ඉතිහාස ගත වුණේ කාන්තා කණ්ඩායමක් එක්දින තරඟාවලි ඉතිහාසයේ වාර්තා කළ හොඳම හඹායාම ලෙසයි.
ඒ අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් සමග තරඟාවලිය එකට එකක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුණා.
උණුසුම් පුවත්
- කම්කරු දිනයේ උදෙන්ම කාලගෝට්ටියක්-ජනතාව කොටුවට එක් වෙයි (වීඩියෝ)
- මැයි රැළි පිම්ම පටන් ගනී-පොහොට්ටු ප්‍රභලයෙක් එජාපයට
- කම්කරු දිනය දා කම්කරුවෝ සුපුරුදු ලෙසින් වැඩ (වීඩියෝ)
- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ CHEC PORT CITY COLOMBO (PVT LTD) අතර අවබෝධතා ගිවිසුමක්
- “30 ක් අඩු කලා කියලා අපිට එහෙම ගාස්තුව අඩු කරන්න බෑ.”-ගැමුණු (වීඩියෝ)
- පැය 55ක සම්මුඛ සාකච්ඡාවක්
- ඉස්ලාම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක්
- වැස්සට කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පලා යයි