සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත ලැබී තිබෙනවා.
මේ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් අද සභාවට දැනුම් දුන්නා.
කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ චමින්ද විජේසිරි මහතා ඉවත් වීමත් සමග ද්විත්ව පුරවැසියෙකු පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමක් පවතින බවයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා චෝදනා කළේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311