චීන ජාතික ගුවන් සේවය වන එයා චයිනා ගුවන් සේවය යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
මීට වසර තුනකට පමණ පෙර මෙම චීන ජාතික ගුවන් සේවය, ශ්‍රී ලංකාව වෙත සිදු කළ ගුවන් ගමන් කෝවිඩ් 19 තත්ත්වයත් සමග තාවකාලිකව නවතා දමා තිබුණා.
මෙම ප්‍රථම මංගල ගුවන් යානය සදහා ඒ 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.
චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු ද පැමිණ තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙම චීන ගුවන් සේවයේ ගුවන් යානා පැය පහයි විනාඩි තිහක ගුවන් ගමනක යෙදෙමින් , සෑම සතියකම සදුදා , බදාදා සහ සිකුරාදා යන දින වල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිතයි.
උණුසුම් පුවත්
- මාධ්‍යවේදීන් රැසක් මරුට
- විවාදයට දින නියමවෙයි
- ඉරාන තානාපතිවරයාට පහර දීමක්
- රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට
- ඩයනා සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයාට භාර දෙයි
- ධීවරයින්ට මුහුදු නොයන්නැයි අනතුරු ඇඟවීමක්
- නායයාම් සක්‍රිය වු මලිත්තගොල්ල විශේෂ කණ්ඩායමක් පිටත්ව යයි
- බත්තරමුල්ල අවට විශේෂ රථවාහන සැලැස්මක්