මෙම වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම චීන සංචාරකයින් පිරිස ඊයේ විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙරටට පැමිණියා.
එලෙස සංචාරකයින් 117 දෙනෙකු පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.
මෙම සංචාරක පිරිස චීනයේ ගුවැන්ෂෝ සිට පැමිණි අතර ඔවුන් දින 7 ක් මෙරට තුළ රැදී සිටිනවා.
චීන සංචාරකයින් පිරිස පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චංග් හොංග් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311