කිඹුලාවල ප්‍රදේශයේ පවත්වාගෙන යන ජංගම ආහාර වෙළදසැල් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ මෙම වෙළදසැල් ඉවත් කිරීම අසාධාරණ බවයි.
කෙසේ වෙතත් එහිදි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම වෙළදසැල් හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතුව ඇති බවයි.
එම ජනතාවට විකල්ප ක්‍රමවේදයක් ලබා දීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර කිඹුලාවල ජංගම වෙලදසැල් එම ස්ථානයෙන් ඉවත් කර වෙනත් සුදුසු ස්ථානයක් ලබා දීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 2.30ට නාගරික සංවර්ධන අධිකාරියේදී පැවැත්වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311