මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනක රත්නායක මහතා කිරුලපන පොලීසියට යොමු කළ පැමිණිල්ලට අනුව සිදු කළ විමර්ශන අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 38 සහ 40 යන වයස්වල පසුවන පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311