කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව අළුත්ගම, මතුගම, අගලවත්ත, වාද්දුව, වස්කඩුව යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ලබනවා.
එමෙන්ම පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගා නගරය, පිලමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311