ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතව වාර්තාව අනුව පන්දුවාර 20යි 20 ශ්‍රේණිගතකිරීම් හී පන්දු යවන්නන් අතර 10වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.
මෙහිදී මහීෂ් තීක්ෂණ ස්ථාන 03න් ඉදිරියට පැමිණ ඇති බවයි අදාළ වාර්තාවේ සදහන් වන්නේ.
ඒ අනුව පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් අතර පළමු දසදෙනා නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටින අතර, එහිදී වනිදු හසරංග පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් හී දෙවන ස්ථානයේ පසුවනවා.
මේ අතර පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී ස්ථාන 12කින් ඉදිරියට පැමිණීමට චරිත් අසලංක සමත්ව තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඔහු රැදී සිටින්නේ ශ්‍රේණිගතකිරීම් හී 23වැනි ස්ථානයේයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311