මේ වසරේ පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ පාසල් විභාග කල් යෑමේ අවදානමක් මතුව තිබෙනවා.
පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කිරීම විශ්වවිද්‍යාල මහචාර්යවරුන් සහ ආචාර්යවරුන් වර්ජනය කිරීම හේතුවෙනුයි.
මෙවර එම කටයුතුවලට සිය සාමාජිකයින් එක් නොවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිවයි.
රජය විසින් එය ඉවත් කරගන්නා තෙක් විභාග රාජකාරී සදහා එක් නොවන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311