අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම ගම්පහ නගරයේදී ආරම්භ කර තිබෙනවා .
මෙහිදී උපකාරක පන්ති ඇතුලු ස්ථාන කිහිපයක මඳුරු කීටයන් සිටින බවට හඳුනාගෙන ඇති බව සදහන් .
පළමුව නිරීක්ෂණ ඩ්‍රෝන කැමරා මගින් ඉහල ගොඩනැගිලිවල මඳුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීම සිදු කරමින් කීට නාශක යෙදීම සිදු කිරීම මෙහිදී සිදු කර තිබෙනවා .
ඉහල ගොඩනැගිලිවල මඳුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේදී හඳුනා ගත් අතර එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා පවසනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311