පෞද්ගලික ව්‍යාපාර සහ අනෙකුත් පිරිස් වලට රාජ්‍ය බැංකු මගින් 15% ක පොලියට ණය ලබාදී, විදුලි බල මණ්ඩලයට 34% ක පොලියකට ණය ලබාදීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා.
මහජන උපයෝගීතා කොමිසම විසින් පවත්වන ලද ‘යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය‘ විද්වත් සාකච්ජාවට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ භාණ්ඩාගාරය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ප්‍රධාන බැංකු දෙක එක්ව මෙම ප්‍රශ්නය විසඳාගත යුතුබවයි.
අඩු ආදායම් ලබන ලක්ෂ 34ක ජනතාවට සමෘද්ධි සහනාධාරය ලබාදුන්නද – පවතින ක්‍රමවේදය හමුවේ එම ජනතාව සූරාකන තත්වයක් ක්‍රියාත්මක බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කලා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311