මෙම වසරේ ගතවූ මාස කිහිපය තුල රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වී තිබෙනවා.
එමෙන්ම අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 20 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.
එමෙන්ම ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 11 කින් අතිප්‍රමාණය වී ඇති බව සඳහන්.
මහා බැංකුව සඳහන් කලේ යුරෝවලට සාපේක්ෂව සියයට 12.6 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.2 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311