උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ බව එම සංස්ථාව පවසනවා.
සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මේ බව දන්වා ඇත්තේ ලිපියක් යොමුකරමින්.
පසුගිය 25 වනදා පැවති එම සාකච්ඡාවට තමන්ට සහභාගිවීමට නොහැකි වුයේ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට සහභාගිවීම හේතුවෙන් බවයි එමඟින් දක්වා ඇත්තේ.
හුදෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ ඒකපාර්ශවීය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා ලිපියෙන් පෙන්වා දෙනවා.
එබැවින් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය යළි සළකා බලන ලෙසයි ඛනිජ තෙල් සංස්ථාව ඉල්ලීමක් කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311