පාකිස්ථාන කාන්තා කණ්ඩායමට එරෙහි තෙවන එක්දින ක්‍රිකට් තරඟය ලකුණු 88න් ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 278ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 190ක් පමණයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311