මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවද ඇය ප්‍රකාශ කලා.
මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටි 40 ක පමණ මුදලක් පමණක් බවත් මැතිවරණයට අදාළව කෝටි හැත්තෑවකට වැඩි මුද්‍රණ දැනට කර අවසන් බවයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සදහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311