මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා කාලය තුළ එම දුම්රිය මාර්ගය වසා තැබෙනු ඇති.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ දිනවල පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය වසා තැබෙනවා.
නඩත්තු කටයුතු සිදුකෙරෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311