ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 206 ක් රැස් කර ගත්තා.
නායක දසුන් ශානක පන්දු 22 ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 06 ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුණා.
එමෙන්ම දසුන් ශානක පන්දු 20 කදී රැස් කළ මෙම අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වුයේ විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.
මීට අමතරව ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 33 ක් රැස් කර ගනු ලැබුවා.
ලකුණු 207 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දිය පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 190 ක් පමණයි.
ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ වන විට දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කර සිටිනවා.
උණුසුම් පුවත්
- විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
- කෝටි 06ක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
- පළමු කාර්තුවේදී ඉල්ක්ක වලට වැඩි ආදායමක්
- අනුර – සජිත් විවාදයට ජාජබ දින දෙයි
- රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 09ක ජයක්
- තායිවානයට ප්රබල භූ කම්පනයක්
- ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි
- චීනයට බලපෑ ගංවතුරින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්වෙයි