තම ප්‍රකාශ හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයින්ට සිත් රිදවීමක් සිදු වී ඇත්නම් එයට සමාව ඉල්ලා සිටින බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පවසනවා.
මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ පැවති ආගමික දේශනයකට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා නීතිඥයින් විසින් සියලු කටයුතු සූදානම් කිරීමෙන් අනතුරුව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු මෙහිදි පවසා තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311