ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනු කිරීමටයි කටයුතු කර තිබුණේ.
පසුගිය 21 වැනිදා ධනුෂ්කගේ නඩු විභාගය සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී අවසන් කෙරුණා.
ඒ අනුව එහි තීන්දුව අද ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමටයි එරට අධිකරණය තීන්දු කරනු ලැබුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311