නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ධාරානිපාත වර්ෂාව හේතුවෙන්.
පැය 15 ක් පමණ ඇදහැළුණු වර්ෂාපතනයෙන් ඕක්ලන්ඞ් කලාපයේ නිවාස බොහොමයකට හානි සිදුව ඇති අතර ගමනාගමන කටයුතු ඇනහිට තිබෙනවා.
විදුලිය සපයුමටද බාධා පැමිණ ඇත බවයි නගර බලධාරීන් පවසන්නේ.
ඕක්ලන්ඞ් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙන්ම දුම්රිය සහ පාරු සේවා ප්‍රමාද කිරීමට හා අවලංගු කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඉදිරි දින පහ ඕක්ලන්ඩ් ප්‍රදේශය ආශ්‍රිතව අනතුරුදායක තත්වයක් පවතිනු ඇති බවටයි කාලගුණ අංශ පුරෝකතනය කර ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311