අක්‍රීයව පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රී 8 ට යළි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.
ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ එහි අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතින බවයි.
පසුගිය 8 වන දා නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311