සීමානිර්ණයෙන් පසු මැතිවරණය පැවැත්වුව හොත් තවත් මාස හයකින් පළාත්පාලන ඡන්ද විමසීම කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ අනුව සීමානිර්ණ කටයුතු පිළිබඳ දේශපාලන පක්ෂ සමඟ එළැඹෙන 20 වැනි දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යි.
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරෙමේ අරමුනෙනේ අලුතින් එම ආයතනවල බල ප්‍රදේශ සීමා නිර්ණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය නොවැම්බර් මස මුල දී මෙම සීමානිර්ණ කමිටුව පත්කරනු ලැබුවා.
එහිදී පළාත් පාලන ආයතනවල දැනට පවතින සභික සංඛ්‍යාව 5,100ත්, 5,200ත් අතර අගයක් දක්වා අඩු කර ගැනීමට හැකි වනු ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 1 සහ 2 රැස්වේ
- මෛත්‍රිට අධිකරණයෙන් නියෝගයක්
- රුපියල් 500ක් නිසා වසර 4ක් හිරබත්
- කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් අමාත්‍යවරයා නිරීක්ෂණය කරයි
- සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති අරමුදලට සහ රජයට ලබාදෙන දායකත්වය ඉහළ නංවයි
- මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක්
- මාර්ගගත ළමා ලිංගික අපයෝජන වාර්තාකරණය සඳහා නව ප්‍රවේශය එළිදැක්වේ
- මහ සිකුරාදා අදයි