පාර්ලිමේන්තු අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය අද තෙවන සහ අවසන් දිනටත් පැවැත්වීමට නියමිතයි.
විපක්ෂය විසින් ගෙනආ සභාව කල් තැබීමේ යෝජනාවකට අනුවයි මෙම විවාදය පැවැත්වෙන්නේ.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැක්වූ විවිධ කාරණා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අදහස් පළ කිරීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311