මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 26 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම දින තුන තුළ විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
අද දිනයේදී පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට ආරම්භ වීම නියමිත අතර, එහිදී පෙරවරු 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදය පළමු දිනය සඳහා පවත්වනු ලබනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311