පානදුර පිංවත්ත කනත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද(28) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සුඛෝපභෝගි ජීප් රථයක ගමන් කළ පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මෝටර් රථය තුළ රියදුරු අසුනේම මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311