පිදුරුගොඩක හටගත් ගින්නකට මැදිව පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින් සිටි පුද්ගලයෙකු වේ.
මොරගහහේන පොලීසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311