පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම සිදුවීම මාතර කොටවිල අධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවී ඇතිබව සඳහන්.
52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.
අදාළ සැරයන්වරයා දිගු කලක් ලෙඩ නිවාඩු වාර්තා කර අද දින නැවත සේවයට වාර්තා කර කොටවිල අධිකරණ සංකීර්ණය අසල පොලිස් මුරපොළ තුළදී මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311