කෑගල්ල බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කළ සැකකරුවෙකු, පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ මුලුතැන්ගෙයි සේවයට යොදවා සිටි ඔහු අද අ`ඵයම බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බවයි.
අවුරුදු 33ක් වයසැති මොහු ඉඔුල්ගොඩවත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි වැදී තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම අවස්ථාවේදී රැදවියා මියගොස් සිට ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311