ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද අලුයම අනතුරක් සිදු වී තිබෙනවා .
එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මඟීන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සදහන් .
පොලීසිය සඳහන් කළේ තුවාලකරුවන් අතර ලොරි රථයේ රියදුරා ද සිටින බවයි.
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.
කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනයවූ ලොරි රථයක් අක්කරපත්තුව සිට කොළඹ දක්වා ගමන්ගත් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311