බිත්තර සඳහා මිල සූත්‍රයක් දින 03ක් ඇතුළත ලබා දෙන ලෙස කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කර තිබෙනවා.
ඒ, එම අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී යි.
කෙසේ වෙතත් බිත්තර ආනයනයට ඉදිරිපත් වූ සමාගම් රුපියල් 32යි ශත 05කට බිත්තර ආනයනය කිරීමට කැමැත්ත පළ කර තිබූ බව සඳහන්.
එහෙත් කුරුළු උණ රෝගය හේතුවෙන් බිත්තර ආනයනයට ඉඩ ලබා දිය නො හැකි බව එහි දී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කිරීමත් සමඟ කමිටු රැස්වීමේ උණුසුම් තත්වයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311