කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (05) පෙරවරුවේ පොලිස් ආරක්ෂාව යටතේ තම රාජකාරියට පැමිණ තිබෙනවා.
එහිදී රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සේවයෙන් ඉවත්වෙමින් ඔහුට විරෝධය පළ කළ අතර යම් නොසන්සුන්තාවක් ඇතිවුවහොත් එය වළක්වාගැනීම සඳහා ජාතික රෝහල අසළට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබුණා.
අවස්ථා කිහිපයකදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එම රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් විරෝධය එල්ලවූ අතර, ඔහුට ස්ථාන මාරුවක් ලබාදීමටද අවධානය යොමුව තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311