නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු, මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද දින උදැසන 6.45 ට පමණ නාවලපිටිය දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය උඩුවැල්ල ප්‍රදේශයේදිය.
බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300 ක පමණ අධික ප්‍රපාතයක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම නවතා සිදු වීමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311