අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස් වුණේ, ජනාධිපතිවරයාට වෙනත් අයෙකු පත්කිරීමට මගපාදමින් බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.
අද දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
අමාත්‍යවරියක් සහ අමාත්‍යවරයෙකු ඊට අයත් බවද සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311