පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
වාහන අනතුරු හේතුවෙන් ජීවිත හානි සිදුවීම, නිරන්තරයෙන් මාර්ගවල අධික වාහන තදබදයක් පැවතීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සදහන් .
මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධානත්වයෙන් මීට අදාළ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කොළඹ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය, පොලිස් ප්‍රවාහන කොට්ඨාසය ඇතුළු ආයතන කීපයක් එම සාකච්ඡාවට සහභාගි වී තිබේන බව සදහන්.
ඊට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් දින 30ක් ඇතුළත ලබා දෙන ලෙස ද කොමිෂන් සභාව එම සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311