පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්, තැපැල් දෙපාර්තමේන්තු ඇතු`ඵ මැතිවරණයකදී දායකත්වය ලබා දෙන ආයතන අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.
එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක් ඉල්ලා තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311