මැතිවරණ රාජකාරි සදහා රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් 7000කට වැඩි පිරිසක් නාම යෝජනා භාර දී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
මේ අනුව මැතිවරණය පිළිබද නිශ්චිත දිනයක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් මෙම පිරිස දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම රාජ්‍ය සේවකයින් සහ අර්ධ රාජ්‍ය සේවකයින් මැතිවරණ රාජකාරි සදහා නාම යෝජනා භාර දීම හේතුවෙන් ඔවුන් හට මැසික වැටුප් නොගෙවනු ඇති බවටයි වාර්තා වන්නේ.
මේ පිළිබදව එස්. බී. දිසානායක මහතා ද අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් දක්වා සිටියා.
මැතිවරණ රාජකාරි කටයුතු සදහා මේ වන විට නාමයෝජනා ලබා දුන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311