ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
මැතිවරණය පැවැත්වීම සදහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විම දුෂ්කර වී ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන්නේ.
ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි එම කොමිසම දන්වා ඇත්තේ.
මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.
මේ අතර පැෆරල් සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මැතිවරණය පැවැත්වීම සදහා මුදල් ගැටලුවක් පවතින්නේ නම් ඒ සදහා අරමුදල් සපයා ගැනීමට සූදානම් බවයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311