මැදවච්චිය ප්‍රදේශයේ හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොලක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් සතුව තිබී රුපියල් එක් ලක්ෂ හතලිස් තුන්දහසක් සමග කාර් රථයක්ල ත්‍රී රෝද රථයක් හා යතුරු පැදි හතරක් අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.
මැදවච්චි පොලිස් ස්ථානාධිපතිට ආර්ගඑම්ගඅයිගබී රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව දෝනි නැමති අනුවර්තන නාමයෙන් හදුන්වන ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇතාකඩල මිහින්තලේල කරපික්කඩල ගල්වලපාර මැදවච්චියල වහමලුගොල්ලෑවල කිරිගල්ලෑව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචි කරුවන් බව පොලිසි විමර්ෂණ වලදී සොයාගෙන තිබෙනවා.
එමෙන්ම මෙම කාන්තාව තම නිවසට යාබද ත්‍රී රෝද රථ රියදුරන්ට සහ පෙට්ටිකඩ හිමිකරුවෙකුට මුදල් ලබා දී ආරක්ෂාව තහවුරු කරගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311