හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ථ කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටියද එය කිසිසේත් පිළිගත නොහැකි බව කතෝලික සභාව පවසනවා.
කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසිනුයි මේ බව අවධාරණය කළේ.
අද කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බවත් ඒ පිළිබඳව අධිකරණය විසින් නියෝග කළ පරිදි වින්දිතයින් හට මුදල් ලබා දීමට කටයුතු කරන බවයි.
තමන් සතුව එලෙස ලබා දීමට මුදල් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311