මොස්කව් නුවර ප්‍රහාරය පසුපස රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමක් සිටින බව රුසියානු ජනාධීපති ව්ලැදිමිර් පුටින් පළමුවරට ප්‍රකාශ කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
කෙසේවෙතත් එම ප්‍රහාරයට යුක්රේනයේ යම් කිසි සම්බන්ධයක් ඇතැයි ද ඔහු තවදුරටත් විශ්වාසය පළ කර ඇති බවද වාර්තා කර තිබේ.
මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මේ වන විට පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311