එළඹෙන මහා කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර නියගය හේතුවෙන් යල කන්නයේ කුඹුරුවලට සිදු වූ වගා හානියට අදාල වන්දි මුදල් ලබා දෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටිනවා.
ඔක්තෝබර් මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක් තුළදී සියලුම ප්‍රදේශවල මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කිරීම සදහා ගොවීන් උනන්දු කළ යුතු බවටයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලුම අංශ තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් වගා කටයුතු ආරම්භ කිරීමට පෙර ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවටයි නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311