උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබෙනවා.
ඒ අනුව පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බැවින් උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ සියලු කටයුතු නවතා දැමිය යුතු බවයි යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනය කර ඇත්තේ.
එසේ ම ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු ම වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසද යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
තව ද ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇති අතර නිදහස් දිනය දා යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමටද කටයුතු ආරම්භ කරඇති බවයි වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311