පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස්, ආනයන වියදම වැඩිවී ඇති බව මහ බැංකුව පවසනවා.
ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ 0.8% සුළු පහළ යෑමක් දක්නට ලැබුණා.
පසුගිය වසරේ ජනවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 978ක් ලෙස වාර්තා වූ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ එම ආදායම ඩොලර් මිලියන 971ක්.
මේ අතර, මෙම වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන ක්‍රියාකාරීත්වය ඩොලර් මිලියන 1,512ක් දක්වා 6.2% කින් ඉහළ ගොස් තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311