ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 38 වැනි තරඟයෙන් කඩුළු 09ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 179ක් රැස් කළා.
තිලක් වර්මා පන්දු 45දී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සන්දීප් ෂර්මා ලකුණු 18 කඩුළු 05ක් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 183ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ යෂස්වි ජයිස්වාල් පන්දු 60දී නොදැවී ලකුණු 104ක් සහ නායක සංජු සැම්සන් පන්දු 28දී නොදැවී ලකුණු 38ක් රැස් කළා.
මෙහිදී මංගල අයි.පී.එල් තරඟය ක්‍රීඩා කළ නුවන් තුෂාරට කඩුලු ලබා ගැනීමට නොහැකි වූ අතර, ඔහු යැවූ පන්දුවාර 03දී රාජස්ථාන් පිතිකරුවන් ලකුණු 28ක් ලබා ගත්තා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311