ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා පරිගණක යෙදුම් නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මඟින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ඊයේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01හි පැවති සාකච්ඡාවේදීයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311